හංවැල්ල තුන්නානේ දී පොලිස් අධිකාරී ප්‍රසාද් සිරිවර්ධන ඝාතනය කළැයි සැකපිට තුන්නානේ දෙදෙනකු ත්‍රිකුණාමලයේ දී සහ රත්නපුර වැලිගෙපොළදී රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
සැකකරුවන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හංවැල්ල තුන්නානේ අත්වැසුම් කම්හලකට විරෝධය පළ කරමින් පසුගිය 16 වැනි දා උද්ඝෝෂණයක් පැවැති හයිලෙවල් පාර තෙක් ගිය ඔහු විරෝධතාකරුවන් විසින් කපා දමන ලදැයි කියන ගසකට යට මරුමුවට පත් විය.
ඔහු එවකට බොරැල්ල පොලිස් ස්ථානාධිපති ලෙස සේවය කළේය.

