අන්තර්ජාතික සමුළු තුනකට සහභාගිවීමට නව ඇමැතිවරු තිදෙනෙක් අද (24) ඇමැති පදවිවල දිවුරුම්දී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට යාමට නියමිතය.
මේ නිසා මංගල සමරවීර විදේශ ඇමැති ලෙසත්, ඩී.එම්.ස්වාමිනාදන් පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් ඇමැති ලෙස හා විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමැති ලෙසත් දිවුරුම්දුන්හ.
මංගල සමරවීර මහතා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සමුළුවකටද ස්වාමිනාදන් මහතා සරණාගතයන් පිළිබඳ අන්තර්ජාතික සමුළුවකටද රාජපක්ෂ මහතා අන්තර්ජාතික කම්කරු සංවිධානයේ රැස්වීමකටද සහභාගීවීමට නියමිතය.





