‘කුණු සම්බන්ධයෙන් අලියෙක් සම්බන්ධයෙන් තීරණයක් ගන්න බැරි ආණ්ඩුව අද විහිළු කරනවා. කවුරුත් එක්ක විහිළුකළත් වැඩ කරන ජනතාව සමඟ විහිළු කරන්න එන්න එපා කියා අපි කියනවා“ යයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා මැයි දින රැළියට එක්වෙමින් පැවසීය.
රනිල් - මෛත්‍රී හවුලට අපි කියනවා වැඩකරන ජනතාවගේ අරගල මර්දනය කරන්න ලෑස්ති වෙන්න එපා. ජනතාවගේ ඇත්ත ප්‍රශ්න විසඳන්න බැරි පාලකයන්ට ඇති එකම උත්තරය මර්දනය තමයි. අපි ආණ්ඩුවට අභියෝග කර කියනවා උඹලා මර්දනය ගෙන එනවා නම් ඊට මුහුණ දෙන්න අපි සූදානම්. වැඩ කරන ජනතාව ජයග්‍රහණය කරන එක සහතිකයි.
අද අපි මුහුණ දෙන ප්‍රශ්න ගණනක් තිබෙනවා. පැය අටේ වැඩ දිනය අහෝසි කරන්න, රාජ්‍ය ආයතන විකුණන්න මේ ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. අපි රනිල්ලටයි, මෛත්‍රීලටයි මැයි මාසයේ වැඩවර්ජනයක් දෙනවා. අපිට ආණ්ඩුබලයක් නැතිව මෛත්‍රීලගේ රනිල්ලගේ කණ මිරිකලා දණගස්වලා විදුලිබල මණ්ඩලයේ මෑන්පරවර් සේවකයන් 7000ක් ස්ථිර කර ගත්තා“ යයිද ලාල් කාන්ත මහතා පැවසීය.
ඡන්ද ලකුණු දාලා මැයි දිනය සමරන්න බෑ - ලාල් කාන්ත
අද ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ එකම එක ජාත්‍යන්තර මැයි දින පෙළපාලියක් බවත් ඒ ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය බවත් ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත මහතා පැවසීය. ලාල් කාන්ත මහතා මේ බව පැවසුවේ කොළඹ බී.ආර්.සී. පිටියේදී පැවැත්වෙන ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැළියට එක්වෙමිනි.
“ජාත්‍යන්තර කම්කරු දිනයේ පාට රතු. රතුකොඩිය දාලා ලංකාවේ එකම මැයි දිනය සමරන්නේ මෙම පිටියේ තමයි. අපේ වේදිකාවේ සීනුව ලකුණ තිබෙනවා දැක්කද? එහෙම එකක් නෑ. අපේ කටවුට්වල සීනුව ලකුණ නෑ. ඇයි? අපි ජනතා විමුක්ති පෙරමුණ වුණත් සීනුව කියන්නේ ඡන්ද ලකුණක්. එය මැයි දිනයට අදාළ ලකුණ නොවෙයි“
“ගැටඹේ රැලිය අත ලකුණින්. ඒවා මැයි දින රැලියක් නොවෙයි. ඒගොල්ලන්ගේ පක්ෂ රැස්වීමක් තිබෙන්නේ. අද මෛත්‍රීපාලගේ ශ්‍රීලංකා බාගේ ගැටඹේ. ශ්‍රීලනිපයේ මහින්දගේ පළුව ගාලු මුවදොර. “
“අද බොරැල්ල කැම්බල් පිටියේ රැස්වීමක් තිබෙනවා. ඒ රැස්වීමට කළින් කිව්වා රතුපාට මැයි දිනය කොළපාට මැයි දිනයක් කරනවා කියා. බොරැල්ලේ කැම්බල් එකේ තියෙන්නේ කොළපාට රැලියක්. හැබැයි මැයි රැලියක් නොවෙයි. කැම්බල් පිටියේ තිබෙන්නේ එජාප රැලියක් මිසක් මැයි දින රැලියක් නොවෙයි“
“අද ගෝල්ෆේස් පිට්ටනියේ තිබෙන්නෙත් මැයි දින රැලියක් නොවෙයි. නිල්පාටින් මැයි දිනය සමරන්න බෑ. බෞද්ධ කොඩිය නැතිනම් වෙසක් දිනය නෑ වගේ ඕනෑම දේකට අනන්‍යතාවක් තිබෙනවා. රතුකොඩිය දාලා වෙසක් දිනය සමරන්න බෑ. වෙසක් දිනය සමරන්න ඕනා බෞද්ධ කොඩිය දමලා. ඒ වගේම කොළ කොඩි, නිල් කොඩි දාලා මැයි දිනය සමරන්න බෑ.
ජ.වි.පෙ. මැයි රැළිය දෙහිවල සිට එයි
දෙහිවල එස් ද එස් ජයසිංහ පාසල් ක්‍රීඩාංගනයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පෙළපාළිය ආරම්භ විය.
‘ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය, ජාතික සමගිය වෙනුවෙන් ජන බලය ගොඩනගන රතු මැයි රැලිය‘ යන්න ජවිපෙ මැයි දින තේමාවයි.