තීන්දුවෙන් පසු කොටකෙතනේ පිරිසක් වීදි බසිති


කොටකෙතන නඩු තීන්දුවට විරෝධය පළ කරමින් කහවත්ත නගරයේ රත්නපුර - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය හරස් කරමින් ගම්වැසියෝ පිරිසක් උද්ඝෝෂණයේ නිරත වෙති.

එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා ඇති බවත් ජල ප්‍රහාරක රථද සූදානම් කර ඇති බවත් පොලිසිය කියයි.

වාහන ගමනාගමනයටද බාධා සිදුව ඇතැයි පොලිසිය පවසයි.

උද්ඝෝෂකයෝ මාධ්‍යවේදීන්ටද විරෝධය පළ කරමින් එම ස්ථානයට පැමිණීම වළක්වා ඇති බවද කියති.  පසුගිය සමයේ කොටකෙතන සිදුවූ ඝාතන සම්බන්ධයෙන් වැරදි ප්‍රවෘත්ති මාධ්‍ය මගින් පළ කිරීම එම විරෝධයට හේතුවී ඇත.