තිළිණිට ඔලිම්පික් වරම් ලබාගන්න ආසියානු තරගාවලියේදී අවස්ථාවක්
බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩිකාවන්) 107 වැනි ස්ථානයේ පසුවන ජාතික බැඞ්මින්ටන් ශූරියක වන තිළිණි ජයසිංහට ඔලිම්පික් වරම් හිමිකර ගැනීමේ තවත් අවස්ථාවක් ඇතැයි වාර්තාවේ.
තිළිණිට චීනයේදී පැවැත්වෙන ආසියානු බැඞ්මින්ටන් තරගාවලියේදී ප‍්‍රධාන කාණ්ඩයට සුදුසුකම් ලබා ගනිමින් එහිදී තරගයක් ජය ලබා දස්කම් දැක්වුවහොත් ඇයට ලන්ඩන් ඔලිම්පික් වරම් හිමිකර ගැනීමේ ආසන්නතම අවස්ථාවට එළැඹිය හැකි යැයිද දැන ගන්නට ලැබේ.
ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් අතරින් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන් සිටින තිළිණි ලබා ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 13,583 කි. ඔලිම්පික් පරිසාධක මට්ටමට ඒමට ඇයට තවත් ලකුණු 1200 ක් පමණ අවශ්‍යව තිබේ. තිළිණි, අවසන් වරට 2008 වසරේ පැවැති බීජිං ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලටද සහභාගිවුවාය.
ප‍්‍රවීණ ක‍්‍රීඩිකා චන්ද්‍රිකා ද සිල්වා ලෝක ශ්‍රේණිගත කිරීමේ 141 වැනි ස්ථානයේද, වත්මන් ජාතික ශූරි අචිනි රත්නසිරි එහි 155 වැනි ස්ථානයේ ද පසුවෙති. ආසියානු බැඞ්මින්ටන් (කේවළ) ශුරතාවලියට සහභාගිවීම සඳහා නිලූක කරුණාරත්න සමග තිළිණි ජයසිංහ මේ මස 16 වැනිදා චීනය බලා පිටත්ව යති.
ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න මෙවර ආසියානු තරගාවලියට සහභාගිවන්නේ ලෝක ශ්‍රේණිගත කිරීමේ 49 වැනි ස්ථානයේ සිටින ක‍්‍රීඩකයා ලෙස දස්කම් අතර සිටිමිනි. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ පළමු ක‍්‍රීඩකයන් 38 දෙනා අතරින් 29 වැනි ස්ථානයේ පසුවන නිලූක ලන්ඩන් ඔලිම්පික් උළෙලට මේ වන විටත් සුදුසුකම් ලබා සිටියි.

