(දයාරත්න ඇඹෝගම)
තිසාවැවට බැස දිය නෑම තහනම් කරන ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නාගරික මන්ත්‍රී නදිර ප්‍රභාත් ධර්මදාස මහතා අද (8) අනුරාධපුර මහ නගර සභාවට ගෙන ආ යෝජනාව ඒකමතිකව සභා සම්මත විය.
අනුරාධපුර මහ නගර සභාවේ මාසික රැස්විම නගරාධිපති එච්.පි.සෝමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා රැස්විම් ශාලාවේදි පැවැත්විණි.
තිසාවැවෙන් දිය නෑම තහනම් කරන ලෙස යොජනා කරමින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නාගරික මන්ත්‍රි නදිර ප්‍රභාත් ධර්මදාස මහතා මෙසේද පැවසිය.
නගර සභා බල ප්‍රදේශයේ පිහිටා ඇති තිසාවැවෙන් පවුල් පන්දහසකට අධික ප්‍රමාණයක් පානීය ජලය ලබා ගන්නවා.මේවන විට මෙම වැවෙන් වන්දනාවේ පැමිණෙන විශාල පිරිසක් දිය නානවා.
දිය නෑම පමණක් නොව සමහරුන් සිය ශාරිරික අවශ්‍යතාවන් සිදුකරන්නේද මෙම වැවෙන්. සබන් ෂැම්පු වර්ග භාවිතය නිසා අධික ලෙස ජලය අපවිත්‍ර වී තිබෙනවා.
මේ නිසා මෙම වැවේ දිය පානය කිරිමෙන් විවිධ රෝග පීඩා ඇතිවන බවටත් වෛද්‍යවරු මෙන්ම පරිසරවේදින් පෙන්වාදි තිබෙනවා.
නගර සභාවක පරම යුතුකම හා වගකිම වන්නේ නාගරික ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිත කිරිම බැවින් තිසාවැවේ දිය නෑම තහනම් කරන ලෙස ඉල්ලා සිටිනවා.
අනුරාධපුර පුජනිය ස්ථාන වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් ඉදිරියේදි දිය නෑම සඳහා පොකුණු තුන බුලංකුලමවැව සහ මල්වත් ඔයට යොමු කිරිමටද කටයුතු කරන බව මෙහිදි නගරාධිපති එච්.පි.සෝමදාස මහතා පැවසිය.