දියගම ”මහින්ද රාජපක්ෂ” කී‍්‍රඩාංගණයේදී පෙරේදා (10) නිමාවට පත්වූ 37 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලේ මීටර 100 කාන්තා හා පිරිමි ඉසව් ජයග‍්‍රහණය කළ ෂෙහාන් අඹේපිටිය හා ජානි චතුරංගනී ද සිල්වා කී‍්‍රඩා උළෙලේ වේගවත්ම කී‍්‍රඩකයා හා කී‍්‍රඩිකාව බවට පත්වූහ. මෙවර දියගමදී දින තුනක් පුරා පැවැති ජාතික මහා කී‍්‍රඩා උළෙල මලල කී‍්‍රඩා තරගාවලියකට පමණක් සීමාවූයේ කී‍්‍රඩා උළෙලේ සෙසු කී‍්‍රඩා ඉසව් 21ක් ඒ වනවිට පවත්වා අවසන්ව තිබීමය.
කී‍්‍රඩා උළෙලේ වඩාත්ම අවධානය යොමුවූ මීටර 100 (පිරිමි) ඉසව්වේ රන් පදක්කම තත්පර 10.63කට ෂෙහාන් අඹේපිටිය විසින් දිනා ගන්නා ලදී. පළපුරුදු කී‍්‍රඩිකාවක් වන ජානි චතුරංගනී ද සිල්වා තත්ත්පර 12.31 කට මීටර 100 කාන්තා රන් පදක්කම දිනා ගත්තාය.
මලල කී‍්‍රඩා තරගාවලියේදී නව වාර්තා නවයක් වාර්තාවූ අතර රිටි පැනීම (කාන්තා) ඉසව්වේ පැරැුණි ශ්‍රී ලංකා වාර්තාව සම කරමින් (මීටර 3.20) කෞෂලා පෙරේරා දස්කම් දැක්වූවාය.
මෙවර තරගාවලියේ දක්ෂතම මලල කී‍්‍රඩිකාව ලෙස මීටර 400 ශූරි චන්ද්‍රිකා සුභාෂිණි රස්නායක ද, දක්ෂතම මලල කී‍්‍රඩකයා ලෙස උස පැනීමේ කී‍්‍රඩක මංජුල කුමාර විජේසේකර ද සම්මාන ලැබූහ. ඔහු පසුගිය වසරේදීද දක්ෂතම මලල කී‍්‍රඩකයාට සම්මාන ලැබූ කී‍්‍රඩකයායි.
මීටර 1500 කාන්තා ඉසව්වේදී සිවුවැනි ස්ථානය තෙක් පැමිණි කී‍්‍රඩිකාවන් පැරැණි වාර්තාව අභිබවා යමින් දස්කම් දැක්වීම කැපී පෙණුනි. එහිදී නව වාර්තාව (වි. 4 ත. 25.06) පිහිටුවීමට ඞී. ඒ. එස්. සමන්මලී සමත්වූවාය. ඇය එහි ශ්‍රී ලංකා වාර්තාවටද (වි. 4. ත. 22.04) හිමිකම් කියයි. එහි පැරැණි තරග වාර්තාවට හිමිකම් කියන එන්. එම්. පී. දිල්රුක්ෂි පැරැුණි වාර්තාව අභිබවා යමින් දස්කම් දැක්වුවත් ඇයට මෙවර අත්වූයේ සිවුවැනි ස්ථානයයි. මීටර 400 කාන්තා ඉසව්ව චන්ද්‍රිකා සුභාෂිණි රස්නායක විසින් දිනා ගන්නා අතර පසුගියදා සිංගප්පූරුවේදී පැවැති විවෘත තරගාවලියේදී එම ඉසව්වේ රන් පදක්කම දිනා මාධ්‍යවල වඩාත් කතාබහට ලක්වූ උපමාලිකා රත්නකුමාරිට මෙවර ජාතික මහ කී‍්‍රඩා උළෙලේදී අත්වූයේ රිදී පදක්කමය.
මීටර 400 (පිරිමි) ඉසව්වේ ගියවර රන් පදක්කම දිනාගත් පළපුරුදු කී‍්‍රඩක ප‍්‍රසන්න අමරසේකරට මෙවර ලෝකඩ පදක්කමෙන් (තත් 47.81) සෑහීමට පත්වීමට සිදුවිය. එහි රන් පදක්කම දිනා ගත්තේ (තත්. 47.45) කසුන් කල්හාරය.
ජාතික මහා කී‍්‍රඩා උළෙලේදී වඩාත්ම අවධානය දිනූ මලල කී‍්‍රඩා තරගාවලියේ රන් පදක්කම් බෙදීයාමේදී වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් (12) දිනා ගැනීමට මෙවරත් කී‍්‍රඩා උළෙලේ සමස්ත ශූරතාව දිනා ගත් බස්නාහිර පළාත සමත් විය.
එහෙත් උතුරු-නැගෙනහිර දෙපළාතට කිසිදු රන් පදක්කමක් එහිදී හිමි නොවීමද කැපී පෙණුනි. මෙවර ජාතික මහා කී‍්‍රඩා උළෙලේ කී‍්‍රඩා ඉසව්හි දක්ෂතම කී‍්‍රඩකයා හා කී‍්‍රඩිකාව තෝරා ඔවුන්ට රුපියල් 25000 බැගින් විශේෂ මුදල් තෑගි කී‍්‍රඩා අමාත්‍යංශය විසින් ප‍්‍රදානය කෙරුණි.
ජාතික මහ කී‍්‍රඩා උළෙලේ මලල කී‍්‍රඩා තරගාවලියේ ප‍්‍රතිඵල
මීටර 10000 - පිරිමි:-
1. ඞී.එල්. සමරජීව (මධ්‍යම විනාඩි 31 තත්ත්පර 15.0)
2. සමන් කුමාර (ඌව-31.19.5)
3. පී.ජී.එස්. කුමාර (මධ්‍යම-31.33.2)
මීටර 5000 - කාන්තා:-
1. ජී.ටී.ඒ. අබේරත්න (දකුණ-විනාඩි 17 තත්ත්පර 00.46)
2. ඩබ්.කේ.එල්.ඒ. නිමාලි (දකුණ-17.17.60)
3. ඞී.ඒ. ඉනෝකා (මධ්‍යම-17.46.29)
තුන් පිම්ම- කාන්තා:-
1. ආර්. රූබසිංහ (දකුණ-මීටර 12.83)
2. එන්.පී.බී. පි‍්‍රයදර්ශනී (බස්නාහිර-12.68)
3. ඩබ්.බී. තිලකරත්න (වයඹ-12.27)
හෙල්ල විසි කිරීම (පිරිමි)
1. එන්. මධුරංග (බස්නාහිර - මීටර 73.47 - නව තරග වාර්තාවකි)
2. ආර්.පී.ඩබ්.එල්. දයාරත්න (වයඹ-70.36)
3. ඞී.එස්. රණසිංහ (දකුණ-67.43)
උස පැනීම (පිරිමි):-
1. මංජුල කුමාර වීරසේකර (දකුණ - 2.20 - නව තරග වාර්තාවක්)
2. එම්. මිලාන් (බස්නාහිර - 2.10)
3. ජී. එල්. ඒ. එස්. ඞී. පීරිස් (බස්නාහිර-2.07)
කවපෙත්ත විසිකිරීම - (කාන්තා):-
1. ඩබ්.ඩබ්.එන්.කේ. වීරසේකර (උතුරු මැද - මීටර 43.19)
2. ටී. අනුෂා (උතුර-40.69)
3. ජී.ඒ.ජේ. ගල්හේන (මධ්‍යම-35.47)
මීටර 800 - කාන්තා:-
1. ඞී.ඒ.එස්. සමන්මලි (වයඹ-විනාඩි 2 තත්පර 09.61)
2. කේ.ඒ. සඳනාත් (දකුණ - 2.10.19)
3. එන්.පී. රාජසේකර (බස්නාහිර-2.10.29)
මීටර 800 - පිරිමි:-
1. පී.කේ. මෙන්ඩිස් (ඌව-විනාඩි 1 තත්පර 51.38)
2. ඒ.පී. අමරසිරි (මධ්‍යම-1.53.59)
3. ඒ.එම්.එල්. සොයිසා (ඌව1.53.69)
මීටර 4-100 - කාන්තා:-
1. වයඹ කණ්ඩායම (තත්පර 46.65)
2. බස්නාහිර කණ්ඩායම (47.43)
3. දකුණු කණ්ඩායම 48.13)
මීටර 4-100 - පිරිමි:-
1. බස්නාහිර කණ්ඩායම (තත්ත්පර 40.4 නව වාර්තාවක්)
2. උතුරු මැද කණ්ඩායම (41.7)
3. ඌව කණ්ඩායම (42.0)
රිටි පැනීම (පිරිමි):-
1. එල්.ඒ.ආර්.කේ.කේ. බාලසූරිය (වයඹ-මීටර 4.50)
2. කේ.ඒ.සී. සේනාරත්න (වයඹ-4.50)
3. එම්.එල්. සම්පත් (වයඹ - 4.30)
හෙල්ල විසිකිරීම (කාන්තා):-
1. පී.එල්.එන්. ලක්මාලි (දකුණ-57.11 - නව වාර්තාවක්)
2. එම්.එල්.එන්.ඞී. ලේකම්ගේ (සබරගමුව-49.09)
3. එම්.පී.ඞී.එම්. මධුවන්ති (ඌව-44.25)
දුර පැනීම පිරිමි:-
1. එල්. කොස්වත්ත (බස්නාහිර - මීටර 7.35)
2. එන්.ජී.පී. බණ්ඩාර (උතුරු මැද-7.30)
3. ඞී.එම්.ඞී.සී. දිසානායක (වයඹ-7.15)
යගුලිය විසි කිරීම (කාන්තා):-
1. එන්.එම්.ඞී. මුතුනායක (වයඹ-මීටර 14.10)
2. ඩබ්.ටී.කේ. ප‍්‍රනාන්දු (බස්නාහිර 13.49)
3. ඩබ්.එම්.එස්.කේ. වීරසේකර (උතුරු මැද 12.49)
කවපෙත්ත විසි කිරීම (පිරිමි):-
1. තලවොව් අලයිලීමා (බස්නාහිර ) මීටර 45.20)
2. නිශාන්ත හර්ජිනස් (බස්නාහිර-40.99)
3. කේ.ඒ.කේ. හේමාල් (දකුණ-39.32)
රිටි පැනීම (කාන්තා):-
1. කෞෂලා පෙරේරා (බස්නාහිර මීටර 3.20 - පැරැණි ශ්‍රී ලංකා වාර්තාව සම කර ඇත)
2. බී.ඒ.එස්. අයේෂා (වයඹ- 3.10)
3. ආර්.ඒ.ඒ. කරුණාවංස (නැගෙනහිර-3.00)
දුර පැනීම (කාන්තා):-
1. එන්.සී.ඞී. පි‍්‍රයදර්ශනී (බස්නාහිර-මීටර 6.17)
2. ආර්. රූබසිංහ (දකුණ-6.01)
3. එස්.එම්එස්.එන්. තෙන්නකෝන් (මධ්‍යම 5.96)
මීටර 400 කඩුලූ (පිරිමි):-
1. කේ.එම්.එන්.එස්. ගුණතිලක (සබරගමුව- මීටර් 52.11)
2. ඩබ්.පී.වයි. අජිත් (වයඹ - 52.24)
3. එම්.එස්.පී. සිල්වා (බස්නාහිර-52.39)
මීටර 400 - කඩුලූ (කාන්තා):-
1. එල්.ඞී.එන්.පී. ජයතිලක (සබරගමුව- විනාඩි 1 තත්ත්පර 01.45 - නව වාර්තාවකි)
2. එස්.වී.ඒ. කුසුමාවතී (බස්නාහිර-1.01.50)
3. පී.කේ.එස්.යූ, මධුෂානි (බස්නාහිර- 1.03.72)
මීටර 200 (පිරිමි):-
1. ෂෙහාන් අඹේපිටිය (බස්නාහිර) තත්ත්පර 21.28)
2. ජේ.ඒ.එන්.එස්. ජයතිලක) (ඌව-21.86)
3. එම්. පී, ඞී. ඒ. එස්. පතිරණ (මධ්‍යම-21.97)
මීටර 200 (කාන්තා):-
1. චන්ද්‍රිකා සුභාෂිණි රස්නායක (වයඹ තත්ත්පර 24.19)
2. සුජානි බුද්ධිකා (දකුණ- 25.12)
3. ඩබ්.ඞී.එල්. ප‍්‍රනාන්දු (බස්නාහිර-25.67)
මීටර 10000 (කාන්තා):-
1. බී.ජී.එල්.ඒ. බෝගහවත්ත (මධ්‍යම- විනාඩි 35. තත්පර 32.66)
2. ඞී.ඒ. ඉනෝකා (මධ්‍යම36.40.07)
3. එල්.ඩබ්.එස්. අනුෂා (ඌව- 36.50.53)
මීටර 5000 (පිරිමි):-
1. ඞී.එල්. සමරජීව (මධ්‍යම- විනාඩි 14. තත්ත්පර 42.05)
2. කේ.ජී.ආර්.එස්. කුමාර (ඌව - 14.45.81)
3. එන්.එම්.සී. චතුරංග (ඌව-15.01.58)
තුන් පිම්ම (කාන්තා):-
1. බී.එම්.එල්. දිනේෂ් (බස්නාහිර- මීටර 15.82)
2. අයි.ඞී.එන්.එස්. ජයසිංහ (සබරගමුව - 15.53)
3. ජී.පී.එස්. උදයංගා (දකුණ- 15.30)
යගුලිය විසි කිරීම (පිරිමි):-
1. ඩබ්.ඒ.ටී. සම්පත් (දකුණ-14.59)
2. ඒ.ජේ.ඞී. පෙරේරා (නැගෙනහිර- 13.57)
3. යූ.එස්.පී.එන්. බැට්ටගේ (දකුණ- 12.63)
උස පැනීම (කාන්තා):-
1. ආර්.කේ.ඒ.පී. මධුවන්ති (වයඹ- මීටර 1.76)
2. ඞී.කේ. රණසිංහ (බස්නාහිර - 1.74)
3. එල්.ජී.ඒ.වී. විනෝදනී (දකුණ - 1.74)
මීටර 110 - කඩුලූ (පිරිමි):-
1. කේ.ඩබ්. රන්දිම (බස්නාහිර- 14.65)
2. ඩබ්.එම්.එස්. ඕ. වීරසිංහ (සබරගමුව-14.87)
3. ඒ.එම්.පී.එස්. අත්තනායක (මධ්‍යම - 14.89)
මීටර 100 කඩුලූ (කාන්තා):-
1. ඞී.ඒ.එම්. විජේසිංහ (සබරගමුව- 14.40)
2. ඞී. පි‍්‍රයදර්ශනී (බස්නාහිර- 15.09)
3. ජී.ඒ.එල්.එස්. දයානන්ද (සබරගමුව- 15.12)
මීටර 400 (පිරිමි):-
1. කේ.කේ. කල්හාර (උතුරු මැද- තත්ත්පර 47.45)
2. ඩබ්.ඞී.එල්.ඞී. ආලෝක (බස්නාහිර- 47.78)
3. පී.එස්. අමරසේකර (ඌව- 47.81)
මීටර 400 (කාන්තා):-
1. චන්ද්‍රිකා සුභාෂිණී රස්නායක (වයඹ- තත්පර 53.49)
2. ඊ.එම්.යූ. රත්නකුමාරි (මධ්‍යම - 54.78)
3. බී.ඞී.ජී. පත්මා කුමාරි (වයඹ- 55.44)
මීටර 100 (පිරිමි):-
1. ෂෙහාන් අඹේපිටිය (බස්නාහිර) තත්පර 10.63)
2. ජේ.ඒ.එන්.එස්. ජයතිලක (ඌව- 11.01)
3. කේ.යූ.කේ.යූ. සංජීව (උතුරු මැද - 11.01)
මීටර 100 (කාන්තා):-
1. ජානි චතුරංගනී ද සිල්වා (වයඹ-තත්පර 12.31)
2. පී.ඞී.වයි.එන්. අබේවික‍්‍රම (මධ්‍යම-12.42)
3. පී.කේ.පී.බී. පත්මාංජලි (සබරගමුව 12.43)
මීටර 1500 (පිරිමි):-
1. චමින්ද විජේකෝන් (ඌව - විනාඩි 3. තත්පර 44.16 - නව තරග වාර්තාවකි)
2. පී.ඩබ්. චමල් (දකුණ- 3.49.00)
3. ආර්.කේ.සී.එස්. සෝමවර්ධන (සබරගමුව- 3.53.99)
මීටර 1500 (කාන්තා):-
1. ඞී. ඒ. එස්. සමන්මලී (උතුරු මැද විනාඩි 4 තත්පර 25.06 - නව වාර්තාවකි)
2. ඩබ්.කේ.එල්.ඒ. නිමාලි (දකුණ - 4.26.28 - පැරැණි වාර්තාව අභිබවා ඇත)
3. ජී.ටී.ඒ. අභයරත්න (දකුණ- 4.26.53 - පැරැණි වාර්තාව අභිබවා ඇත)
4. ඩබ්.ජී.ආර්. දුලක්ෂි (දකුණ - 4.26.96 - පැරැණි වාර්තාව අභිබවා ඇත)
මීටර 4-400 (කාන්තා):-
1. වයඹ කණ්ඩායම (විනාඩි 3. තත්පර 45.21- නව වාර්තාවකි)
2. බස්නාහිර කණ්ඩායම 3.48.22)
3. දකුණ කණ්ඩායම:- (3.50.73)
මීටර 4-100 (පිරිමි):-
1. මධ්‍යම කණ්ඩායම (විනාඩි 3. තත්පර 13.14)
2. සබරගමුව කණ්ඩායම (3.13.69)
3. බස්නාහිර කණ්ඩායම (3.13.97)
(නාමල් පතිරගේ)
ඡායාරූප - සුමින්ද සුදර්ශන පතිරන