තිස්සත් අලුත් පක්ෂයක් හදයි


එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා‘එක්සත් පුරවැසි පෙරමුණ‘ නමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර තිබේ.

පක්ෂයේ ලකුණ ලෙස පුන්කලස ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අත්තනායක මහතා ‘එසැණට‘ කීවේය.

එම නව දේශපාලන පක්ෂය එළි දැක්වීමේ මාධ්‍ය හමුවක් කොළඹ 03, එඩ්වර්ඩ් පටුමගෙහි පිහිටි ‘පර්ල් ග්‍රෑන්ඩ්‘ හෝටලයේ දී බදාදා (21) පෙරවරු 11.30 ට පැවැත්වීමට නියමිතය.

තිස්ස අත්තනායක මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂ මහතා සමඟ  එක් විය.

මෙවර සන්ධාන ජාතික ලැයිස්තුවේ ඔහුගේ නම ඇතුළත්ය.