සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරිමට එරෙහිව හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අතතනායක ගොනු කළ පෙත්සම විනිසුරු ඊවා වනසුන්දර ඇතුළු මඩුල්ලක් ඉදිරියෙහි සලකා බැලිමට ශ්‍රේෂ්ඨාධිකරනය අද (26) තිරණය කළේය.
ඒ අනුව රෝහිණි මාරසිංහ බුවනෙක අළුවිහාරේ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි අප්‍රේල් 01 සහ 02 දෙදින එම පෙත්සමේ විභාගය සිදු කිරිමට නියමිතය.

