තිස්සගේ පෙත්සම අදත් විභාග වේ


එක්සත් ජාතික පක්ෂයේ  හිටපු මහ ලේකම්  තිස්ස අත්තනායක  මහතා එම පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට එරෙහි ඔහු විසින්  ගොනු කැරුණු විරෝධතා පෙත්සම  අද (02)ශ්‍රේෂ්ධිකරණයේදී  සලකා බැලිණි.

සදුදාත් (01) අදත් (02) පෙත්සම  පිළිබඳව පුර්ණ විභාගයක් විනිසුරු  මණ්ඩලය සිදු කර ඇති බවටත්  ඒ අනුව හැකි ඉක්මණින් සාධාරණ තීන්දුවක් ලැබෙනු ඇතැයි  තමන් විශ්වාස කරන බව අත්තනායක මහතා පැවසීය.

‘මම එක්සත් ජාතික පක්ෂය සිදු කළ අවුරුදු 30ක අනුපමේය සේවය  සලකා බලද්දී එහෙම එකපාරට ඉවත් කරන්න පුළුවන්  පක්ෂ සාමාජිකත්වයක්ද නැද්ද කියලා මම පක්ෂ නායකයාගෙන් අසා සිටිනවා.මම දේශපාලන තීන්දුවක්  ගත්තා තමයි,හැබැයි එහෙම කියලා මා පක්ෂයෙන් එලවන එක හරිම අසාධාරණයි.‘යැයි තිස්ස අත්තනායක මහතා මෙහිදී පැවසීය.

 

RDS_11772