එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහා ලේකම් තිස්ස අත්තනායක මහතා ඉකුත් ජනාධිපතිවරණ මැතිවරණ සමයේදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිනවිමට කටයුතු කිරිමට පක්ෂයේ මහලේකම් ධුරය අත් හළේ කිසිම ප්‍රතිපත්තියක් නැතිව යැයි ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද (01) ශේෂ්ධාධිකරණයේදි සඳහන් කළේය.
පෙත්සමේ මහින්ද රාජපක්ෂ මහතා දිනවිමට ගත් තිරණය එක්සත් ජාතික පක්ෂයේ තින්දු තිරණ වලට පටහැනි යැයිද කියා සිටියේය.
තමා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් නොකරන තිස්ස අත්තනායක මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකාර එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නිතිඥ රෝමේෂ් ද සිල්වා මහතා අධිකරණයට කරුණු දක්වමින් ඔහු එසේ කීවේය.
රෝහණි මාරසිංහ, බුවනෙක අළුවිහාරේ සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම විභාග වේ.

