(මනෝප‍්‍රිය ගුණසේකර)
මහමගදී ඇගේ හැපුනැයි පුස්තකාලයට පැමිණ පිහියෙන් ඇන තරුණයෙකු මරාදැමීමේ චෝදනාවට වරදකරුවන් වු පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඊයේ (28) මරණ දඬුවම නියම කළේය.
මීට වසර 33 කට පෙර අඟුලානේදී පාසල් යන තරුණයෙකුට පිහියෙන් ඇන මරාදැමීම හා ඔහු බේරාගැනීමට පැමිණි ඔහුගේ මිතුරාටද පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකොට මරාදැමීමට තැත් කළ බවට විත්තිකරුවන්ට එරෙහි චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් බව විනිසුරුවරයා තීන්දු කොට තිබිණි.
චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ අඟුලාන ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන සිද්ධිය වන සමයේ පාසල් යන තරුණයින් වු සුදත් ප‍්‍රනාන්දු (51) සහ ගාමිණි පිරීස් (55) නමැති ඥාති සහෝදරයින්ටය.
1985 දෙසැම්බර් මස 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයක අඟුලානේදී තරුණයකුට පිහියෙන් ඇන මරා තවත් තරුණයකුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකොට මරාදැමීමට තැත් කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
වසර 33කට පෙර සිදුවු මෙම සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබු අතර නඩු විභාගය අතරතුර මෙම විත්තිකරුවන් දෙදෙනා හැර අනෙකුත් විත්තිකරුවන් තිදෙනාම මිය ගොස් තිබිණි.
මෙම විත්තිකරුවන් දෙදෙනොට එරෙහිව පැවැති දීර්ඝ නඩු විභාගයෙන් අනතතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් බව තීරණය කළ විනිසුරුවරයා ඔවුන් දෙදෙනොටම මරණීය දඬුවම් නියම කළේය.
ගල්කිස්ස පොලිසියේ කොස්තාපල් 50724 බණ්ඩාර මහතා පොලිසිය වෙන්වෙන් පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතීඥ ඉෂාරා ජයරත්න මෙනවිය පෙනී සිටියාය.