තිස් ලක්ෂයක රන් රාජසන්තකයි


රුපියල් තිස් ලක්ෂ අසූ දහසක් වටිනා රන් බිස්කට් 6 ක් ඩුබායි සිට තම ඇදුමේ සාක්කුවන  සගවාගෙන මෙරටට ගෙන ඒමට තැත් කළ  ඉන්දියන් ජාතිකයෙකුට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කළ රේගුව එම රන් බිස්කට් හය රාජසන්තක කළේය.

මේ  පිළිබඳ රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක අනුර වලවගේ මහතා විසින් සිදු කළේය.

 රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු 33 හැවිරිදි ඇගලූම් ව්‍යාපාරිකයෙකු බවයි.

අත් අඩංගුවට ගනු ලැබු බිස්කට් වල බර ග්‍රෑම් 616 කි.

ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 226 දරන ගුවන් යානයෙන් ඩුබායි සිට මෙරටට පැමින ඇත.

මේ පිලිබඳ විමර්ශන කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක අනුර වලවගේ, රේගු අදිකාරි එස්. ගුණානන්ද, ඩී රත්නකුමාර සහ සහකාර රේගු අධිකාරීවරුන් වන එම්. යූ උදය ගාමිණී, තිලින විජේසේකර  යන නිලධාරීහු සිදු කළහ.