තිලාන්ගෙන් තවත් ශතකයක්
ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර කේප්ටවුන්හිදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වන අද (06) ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 341 ක ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල වෙනුවෙන් තිලාන් සමරවීර ශතකයක් රැුස්කිරීමට සමත් විය.
මෙම ශතකය තිලාන් සමරවීරගේ 14 වැනි ටෙස්ට් ශතකය වන අතර මෙම සංචාරයේදී ඔහු රැස්කළ දෙවැනි ශතකය මෙය වේ.

