තිලාන් ටෙස්ට් සංචිතයට කැඳවයි


දකුණු අප‍්‍රිකාවේදී දෙසැම්බර් මස 15 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සඳහා නම් කර තිබූ 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ජ්‍යෙෂ්ඨ මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. ක‍්‍රීඩා අමාත්‍යවරයා, ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන්, ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් සහ ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (29) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළඹ තිබේ.