තිලාන් ටෙස්ට් ලකුණු 5,000 සම්පූර්ණ කරයි
ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර කේප්ටවුන්හිදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වන අද (06) ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර ටෙස්ට් ලකුණු 5,000 සම්පූර්ණ කිරීමට සමත් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5,000 ක් සම්පූර්ණ කළ හත්වැනි ක‍්‍රීඩකයා බවට තිලාන් පත්විය. මහේල ජයවර්ධන (10,086), කුමාර් සංගක්කාර (9,347), සනත් ජයසූරිය (6,973), අරවින්ද ද සිල්වා (6,391), මාවන් අතපත්තු (5,502) සහ අර්ජුන රණතුංග (5,105) ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5,000 ක් රැස්කළ සෙසු ක‍්‍රීඩකයෝ වෙති.

