තිලංග - නවීන් ගැටුම ගැන විශේෂ පරීක්ෂණයක්


තිලංග සුමතිපාලට නවීන් දිසානායක පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පහරදුන් බවට වන පැමිණිල්ල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් අතර අද වාද විවාද ඇති විය. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කථානායක දැනුම් දුන්නේය.

මේ ගැන දිගින් දිගටම වාද විවාද කිරීම නිසා කාලය අපතේ යන බැවින් විධිමත් පරීක්ෂණයක් කරන තුරු සභාවේ වැඩට බාධා නොකරන්නැයි කථානායක දන්වා සිටියේය.