තිරුක්කෝවිල් පොලිසියේ මරණ හතරක් දක්වා ඉහළට


(වසන්ත චන්ද්‍රපාල,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ තිලකරත්න දිසානායක)

තිරුක්කෝවිල් පොලිසියේ සාජන්වරයකු සිදු කළ වෙඩි තැබී මෙන් මියගිය ගණන හතර දක්වා ඉහළ ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඊයේ රාත්‍රී 10.30 පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇත. වෙඩි වැදිමෙන් තිදෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර කල්මුණේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පොලිස් කොස්තාපල්වරයකු මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

සිද්ධියෙන් මිය ගිය ගණන මිය ගිය ගණන හතර දක්වා ඉහළ ගොස් ඇත ඇතැයි එම කාර්යාලය කියයි.

පොලිස් චෝදනාගාරයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ඒ අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයා කිසියම් රාජකාරියකට පොලිසියෙන් පිටව ගොස් ඇත.

ස්ථනාධිපතිවරයා පොලිසියට පැමිණෙනවාත් සමග සැකකාර සාජන්වරයා ස්ථානාධිපති පැමිණි පොලිස් ජිප් රථයට ද වෙඩි තබා ඇත. ඒ අවස්ථාවේ ජීප් රථය පාලනයෙන් ගිලිහි ගොස් අසල ගොඩනැගිල්ල හැපි නතර වි ඇතැයි පොලිසිය කියයි.

පොලිස් සැරයන් 44132 කාදර්, පොලිස් කොස්තාපල් රියැදුරු 18382 තුෂාර, පොලිස් කොස්තාපල් 78857 ප්‍රබුද්ධ, සහ පොලිස් කොස්තාපල් 8861 නවිනින් මෙසේ මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

වෙඩි තිබූ බව කියන සැරයන්වරයා ගිනි අවියද සමග ඇතිමලේ පොලිසියට බාරවී ඇත.සැකකාර පොලිස් කොස්තාපල්වරයා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතය.

(ඡායාරූප වසන්ත චන්ද්‍රපාල)

 


 

(තිලකරත්න දිසානායක)

තිරුක්කෝවිල් පොලිසියේ සැරයන්වරයකු එල්ල කළ වෙඩි තැබිමක් තවත් පොලිස් නිලධාරින් තිදෙනකු මියගොස් ස්ථානාධිපති සහ තවත් නිලධාරීයකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

වෙඩි තිබූ බව කියන සැරයන්වරයා ගිනි අවියද සමග ඇතිමලේ පොලිසියට බාරවී ඇත.