තිරිසනාට අපහාස නොකරන් මිනිසුනේ


මිනිසුන් විසින් කැරෙන නොමනා ක‍්‍රියාකම් වලදි ඔවුනට සතුන්ගේ නම් පටබැඳිම එම සතුනට අපහාස කිරීමත් නිසා එය නතර කරන්නැයි වන ජිවි ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා වෙහෙරගල කැලේ දී මධ්‍යවේදී සමග ප‍්‍රකාශ කෙළේය. මිනිසුන් නරක වැඩ කළ විට සතුන්ගේ නම් යොදන නමුත් හොඳ වැඩ කළ විට එසේ නොකරතියි ද ඔහු කීවේය. බල්ලා. බූරුවා, හරකා, ගොනා, මීහරකා, උරුලෑවා, උලමා, ගෙරියා, කොටියා එවැනි අපහාස වචන සේ සැලැකේ.