
(යොහාන් භාසුර)
තිරිඟු පිටි මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට ප්‍රධාන තිරිඟු පිටි ආනයනික සමාගම වන ප්‍රීමා සමාගම ඇතුළු සෙසු සමාගම් තීරණය කර ඇති බව ප්‍රීමා සමාගමේ නිලධාරියකු පැවැසීය.
මෙම මිල ඉහළ දැමීමත් සමග රුපියල් 87 ක්ව පැවති තිරිඟු පිටි කිලෝවක මිල කිලෝවක රුපියල් 97 ක් දක්වා ඉහළ ගියේය.

