තිරිංග ලෙඬේ ඔඩු දුවයි
තිරිංග දෝෂ, රියදුරු කුටියේ අනාරක්‍ෂිතභාවය, ඉදිරිපස කොටසේ ෆයිබර් නිමාව ආදී ගැටලූ නිසා එස් - 11 ඉන්දියා බලවේග කට්ටල ධාවනයෙන් අද (26) සිට ඉවත්වීමට තීරණය කළ බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් දුම්රිය රියදුරු සංගමය කියයි. එස් 11 බලවේග කට්ටල 20ක් ඉන්දියාවෙන් ඇනැවුම් කර ඇති අතර ඉන් නවයක් දැනට ලැබී ඇත. අලව්ව දුම්රිය පොළේ දී එස්. 11 බලවේග කට්ටලයක් ද තවත් දුම්රිය දෙකක් ද පසුගිය 17 වැනිදා හැපී රුපියල් කෝටි 10ක පමණ අලාභයක් සිදුවිය.

