තිරිංග දෝෂ සහිත දුම්රිය ධාවන වර්ජනය දිගටම


(මහින්ද නිශ්ශංක)

තිරිංග දෝෂ සහිත චීන මැදිරි  වලින්  යුත් දුම්රිය ධාවනය කිරිමෙන්  වැළකී  සිටිමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ලෙකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.

ඊයේ (23) මධ්‍යම රාත්‍රීයෙන්  මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කෙරිණි. සෙසු දුම්රියෙන් සාමාන්‍ය පරිදි ධාවනය වන බව ඔහු පවසයි.

මේ හේතුවෙන් යාල්දේවි  දුම්රිය ඇතුළු දුම්රිය 8 ක් අද (21) උදේ වරුවේ අවලංගු කළ බවද දුම්රිය පාලක කාර්යාලය පවසයි.
මේ අතර  ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා  දුම්රිය සාමාන්‍යාධිකාරි මහානාම අබේවික්‍රම මහතා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.