තිරස් චලනයකින් සුනාමියක් නෑ
සුමාත්‍රා දූපතේ උතුරු කෙළවරේ සැතපුම් 308ක් වයඹ දෙසින් පිහිටි බණ්ඩාඅචේ ප්‍රදේශයේ සැතපුම් 20.5 සාගර පත්ලේ සිදුවූ භූමිකම්පාවෙන් සුනාමියක් ඇති නොවුයේ තිරස් අතට හෙවත් පොළොවට සමාන්තරව භූ තල චලනය වූ නිසායැයි ඇමෙරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ භූ භෞතික විද්‍යඥ බෘස් ප්‍රෙස්ග්‍රෙව් කියයි. එවැනි භූ චලනයකින් සුනාමියක් ජනනය වීම සඳහා අවශ්‍ය වන ජලකඳක් ඇති නොවන බව ඔහු කියයි. සුනාමියක් ඇති වීම සඳහා කරුණු තුනක් සම්පූර්ණ විය යුතුයි. භූ කම්පනය සිදුවන මුහුදේ ගැඹුර සැතපුම් සියයකට වඩා අඩවීම, භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 7.2 වීම සහ සිරස් අතට හෙවත් උඩු අතට භූ කම්පනය සිදුවීම ඒ කරුණු තුනයි. 2004 දෙසැම්බර් 26 වැනි දා භූකම්පනයේ ඒ ලක්ෂණ තුනම තිබූ නමුත් අද සිදුවූ භූ කම්පනයේ ඉන් එක් ලක්ෂණයක් නොවීය. එම ලක්ෂණය වනුයේ සිරස් අතට භූ කම්පනය සිදු නොවීමයි. භූ කම්පනයේ අපි කේන්ද්‍රයේ සිට සුමාත්‍රා දූපත පිහිටියේ කිලෝ මීටර් පන්සීයයක් ඈතිනි. එහි ජනගහනය දෙලක්ෂ විසි දෙදහසකි. ඉන්දුනීසිය ජනාධිපති සුසිලෝ බම්බම් යොදොනොවෝ පැවැසූයේ සුනාමියෙන් ජිවිත හානි කිසිවක් වාර්තා නොවූ බවයි.

