(දයාරත්න ඇඹෝගම)
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශිය සභාව සඳහා ඉදිරිපත් කරනු ලැබු නාම යෝජනා පත්‍රය අනුරාධපුර තේරිම්භාර නිලධාරවරයා විසින් ප්‍රතික්ෂේප කිරිමට විරැද්ධව අධිකරණයට යාමට පක්ෂය විසින් තිරණය කර ඇතැයි උතුරුමැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පවසයි.
තිරප්පනේ ප්‍රාදේශිය සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිම සම්බන්ධයෙන් අද (22) කළ විමසුමේදී මෙසේ පැවසීය.
පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතාගේ අත්සනේ සහ දිනයේ දෝෂයක් නිසා මේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කළ බව අනුරාධපුර තේරිම්භාර නිලධාරයා ප්‍රකාශ කළේය.
තිරප්පනේ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කරපු නාම යෝජනා පත්‍රයේ මහ ලේකම්වරයාගේ අත්සන යොදා තිබෙනවා. වර්ෂය යොදා තිබෙනවා. මාසය යොදා තිබෙනවා. දිනය පැහැදිලි නැහැ කියලා තමයි ප්‍රතික්ෂේප කළේ.
මෙයින් පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ටයි අගතියක් කළේ. එම නිසා මීට විරුද්ධව අධිකරණයට පැමිණිලි කිරිමට සියලු කටයුතු පක්ෂය විසින් තිරණය කොට තිබෙනවා.
තිරප්පනේ ප්‍රාදේශීය සභාවට ඉදරිපත් කරන ලද නාම යෝජනා පත්‍රය නැවත බල සහිත කර ගනිමින් තිරප්පනේ සියලු ආසන දිනා ගන්නා බවද රංජිත් සමරකෝන් මහතා මෙහිදි පැවසිය.

