තියුණු ආයුධයකින් පහරදී පැමිණ බසයට පනී


(අනීෂා මානගේ)
මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ තංගල්ල ගොඩිගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු මාර්ගයේ ධාවනය කරමින් තිබූ බස් රථයකට අද (24) දහවල් පැන  ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. මාතර සිට මොණරාගල දක්වා ධාවනය කරමින් තිබූ පුද්ගලික බස් රථයකට තංගල්ල ගොඩිගමුව ප්‍රදේශයේදී මෙම පුද්ගලයා පැන ඇති අතර ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම තැනැත්තා රන්න අදුපැලෑන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අදුපැලෑන ප්‍රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීමෙන් අනතුරුව තංගල්ල ගොඩිගමුව ප්‍රදේශයේදී බස් රථයට පැන ඇතැයි පොලිසිය කියයි.

තංගල්ල මූලස්ථාන පොලිසිය මේ පිළිබදව පරික්ෂණ කරයි.