(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගෝලයෙක් අත්අඩංගුවට ගෙන ඔහු පදිංචිව සිටින දෙහිවල ධර්මපලාරාම පාරේ නිවසක් වටලා පරික්ෂා කිරීමේදී පුද්ගලයන් සිවුදෙනකු තියුණු ආයුධ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි .
සැකකරුවන් සමග කඩු හයක් පොලිස් බාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ කළුබෝවිල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් දෙහිවල ධර්මපාලාරාම පාරේ මාර්ග බාධක යෙදී සැකකටයුතු පුද්ගලයකු පරීක්ෂාවට ලක් කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත් කුඩු මිලිගෑම් 20 ක් සොයාගත් බව පොලිසිය කියයි.
අනතුරුව සැකකරු පදිංචි එම ප්‍රදේශයේ නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී එම නිවස රැඳී සිටි පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන නිවෙස තවදුරටත් සෝදිසි කිරීමේදී නිවෙස තුළ තිබී කඩු හයක් පොලිස් භාරයට ගැනීමට හැකි වූ බව වැටලීම සිදුකළ සිදුකළ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

