තිබහට වතුර දුන් ළිඳට කළගුණ සැලකූ හැටි


බස්නාහිර පැත්තේ ඉස්සර දෙණියකි. දැන් දෙණිය ඇඹුල් නොවී වැසිකිළිදෙණියක් බවට පත්වී ඇත. බෝධිය ළඟ හිටියත් බෝධියක් නැතිලු. උපන්දා සිට වතුර බීපු ළිඳට වැසිකිළි බටය හැරෙව්වාලු.

අවුරුදු 40 - 50 ක කාලයක් තිස්සේ ප්‍රයෝජනයට ගත් ළිඳ දැන් වෙනත් වැඩකට ප්‍රයෝජනයට අරන්ලු. ඒ නළ ජලය යහමින් ලැබෙන නිසාලු. වෙනත් වළක් සාදා විශාල මුදලක් වැය කර කරන වැඩේ ගාණත් ඉතුරු කරගන්න සිතාගෙන වැසිකිළි වළ ළිඳට හරවා කොන්ක්‍රීට් තට්ටුවකින් වැසුවාලු.

දැන් වතුර බීපු ළිඳටම අසූචි හරවනවාලු. මේ වැඩෙන් අහළ පහළ ළිංවලටත් හෙනහුරා ලබයිලු. ටික කාලයක් යද්දී අනෙක් ළිංවලටද මෙම ජලය කාන්දුවිය හැකි අවදානමක් තිබෙනවාලු. අහළ පහළ අයටත් කරගන්න දෙයක් නැතිලු.