තැපෑලේ නිවාඩු අවලංගු කරයි


(විනීතා එම් ගමගේ)

තැපැල් කාර්ය මණ්ඩලයේ නිවාඩු සියල්ල අවලංගු කළ බව දැනුම් දෙමින් තැපැල්පතිවරයා  නිවේදනයක් නිකුත් කරයි.

තැපැල් සේවකයන් විසින් අද (30 මැදියම් රැයේ සිට ආරම්භ කරන්නට සූදානම් වන වෘත්තිය ක‍්‍රියා මාර්ගයක් හේතුවෙන් අත්‍යවශ්‍ය සේවාවක් වන මහජන සේවා බිඳ වැටීම වැළැක්වීමේ අරමුණන් එම නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව අද  (30) මධ්‍යම රාත‍්‍රියේ සිට හෙට (31) මධ්‍යම රාත‍්‍රිය දක්වා තැපැලේ සියලූ කාර්ය මණ්ඩලවල නාවඩු අවලංගු කරන බවත් අසනීප නිවාඩු දමා ඇති නිලධාරින් හා සේවකයන් ඒ සඳහා රජයේ වෛද්‍යවරයකුගෙන් වෛද්‍ය සහතික ගෙන ආ යුතු බවත් තැපැල්පතිවරයා නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.