තැපෑලෙන් හෙට රටපුරා විරෝධතා


අමල් වික්‍රමරත්න

තැපැල් දෙපාර්තමේන්තුවේ බදවාගැනීමේ පටිපාටිය විධිමත් කරන බවට බලධාරීන් කිහිප අවස්ථාවකදී  ලබා දුන් පොරොන්දු  දිගින් දිගටම කඩ කිරීම නිසා හෙට (27) දිවයින පුරා ප්‍රධාන නගරවල විරෝධතා පවත්වන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු කේ.ආර්.වර්ණකුලසුරිය මහතා පැවසීය.

මීට ඉහතදී සිදු කරනලද සාකච්ඡාවලදී සති දෙකක කාලයක් තුළ විසදුම් ලබාදෙන බවට ලබා දුන් පොරොන්දුවද මේ වනවිට කඩකර  ඇති නිසා මෙම තීරණය ගත් බව ඔහු කීය.

මෙම තත්වයන් විසදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ඡන්ද හිමිකම් පත්‍රිකා බෙදා හැරීමටද බාධා එල්ලවිය හැකි යැයිද තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ සම කැදවුම්කරු ප්‍රකාශ කළේය.