නිමල කොඩිතුවක්කු
තැපැල් දෙපාර්තමේන්තුව සංවෘත්ත දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමට රජය පියවර නොගතහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රිමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා තැපැල් සේවා සංගමය අවධාරනය කරයි.
සෞඛ්‍ය, අධ්‍යාපන සහ දුම්රිය දෙපාර්තමේන්තු සංවෘත්ත දෙපාර්තමේන්තු බවට පත්කිරීමට රජය ගෙන ඇති තීන්දුව තැපැල් සේවාව සඳහාද ක්‍රියාත්මක කළ යුතුව ඇති බවද ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා පැවසීය.
තැපැල් දෙපාර්තමේන්තුව සංවෘත්ත දෙපාර්තමේන්තුවක් බවට පත්කර තම ගැටලූ වලට විසදුම් ලබා දෙන ලෙසට විෂය භාර අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද හෙතෙම වැඩිදුරටත් කීය.

