තැපැල් හුවමාරුව මුළුමනින්ම වසා දමයි


( රොමේෂ් ධනුෂ්ක සිල්වා )


තැපැල් සේවක ගැටළු සඳහා වහා  විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා තැපැල් සේවක වෘත්තිය සමිති 23 ක සේවකයෝ  ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් අද (12)  වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව මුළුමනින්ම වසා දමා තිබෙන අයුරු දැකගත හැකි විය.

දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිට බෙදාහැරීම සඳහා පැමිණි ලිපි ඇතුළත් තැපැල් මලු විශාල තොගයක්  මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගැසී තිබෙන අයුරු හා  තැපැල්කරුවන් භවිතා කරන පාපැදි ද එක් ස්ථානයක නවතා තිබෙන අයුරුද දැක ගත හැකි විය.