රංජිත් රාජපක්ෂ
තැපැල් සේවක ගැටළු සදහා වහා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා තැපැල් සේවක වෘත්තිය සමිති 23 සේවකයෝ අද (11) පස්වරු 4 ට තම රාජකාරිවලින් ඉවත් වී අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වුහ.
අද පස්වරු 4 වන තෙක් තැපැල් කාර්යයාල වල සමාන්‍යය රාජකාරි කටයුතු සිදු කල අතර පස්වරු 4 පසු එම සේවකයන් තැපැල් කාර්යාල රජකාරි වලින් ඉවත් වුහ.
තම ඉල්ලිම් ලැබෙන තෙක් මෙම වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි එම වැඩ වර්ජනයට එක් වී සිටින තැපැල් සේවකයෝ පවසති.
තැපැල් සේවකයින් වැඩ වර්ජනයක නිරත වුවද අද පස්වරු 4 ට පසු තම ප්‍රධාන තැපැල් කාර්යාල වෙත ප්‍රාදේශිය තැපැල් කාර්යාල වලින් ලැබෙන ලිපි මළු තම ප්‍රධාන කාරයාල වෙත භාර ගන්නා බව තැපැල් ස්ථානාධිපතිවරු කියති.