(විනීතා එම් ගමගේ)
බිම් මට්ටමේ සේවාවන්හි යෙදෙන තැපැල් සේවකයන්ට ප්‍රමුඛත්වය දී එන්නත් ලබා දීමට වහා පියවර ගන්නැයි තැපැල් වෘත්තිය සමිති ඉල්ලා සිටියි.
තැපැල් කාර්යාල සේවකයන් හා ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව සැළසෙන පරිදි සියළු තැපැල් කාර්යාල සඳහා සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබා දීමට ද රජයේ අවධානය යොමු විය යුතු යැයි එම වෘත්තිය සමිති පෙන්වා දෙති.
දැඩි අවදානමකට ලක්ව සිටන තැපැල් කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගැනීම, බෝ නොවන රෝගවලින් පෙළෙන සේවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් පියවර ගැනීම හා ආසානයට ලක්වන සේවකයින් හා ආශ්‍රිතයින් ගේ ප්‍රතිකාර හා පීසීආර් පරික්ෂණ සදහා කඩිනම් පියවර ගැනීමත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ආරක්ෂාවත් වෙනුවෙන් කඩිනම් වැඩ පිළිවෙලක් සකස් කිරීමත් යන ඉල්ලීම් බලධාරින්ට ඉදිරිපත් කරන බවත් ඒ පිළිබඳ අවධානය යොමු කොට ඉක්මණින් විසඳුම් නොදුන්නොත් නැවත දැනුම් දීමකින් තොරව 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තම වෘත්තිය සමිතිවලට අයත් සාමාජිකයන් අඛණ්ඩ වර්ජනයකට යන බව ද එම වෘත්තිය සමිති තැපැල්පතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන් ව ඇත.

