තැපැල් වර්ජනයෙන් විභාග ගාස්තු ප්‍රමාද වූවනට සහන



(නිමල කොඩිතුවක්කු)

තැපැල් වර්ජනය හේතුවෙන් මෙතෙක් තරඟ විභාග ගාස්තු ගෙවීමට නොහැකි වූ විභාග අපේක්ෂකයන් සදහා ප‍්‍රදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල වලින් එම මුදල් ගෙවීම සදහා අවශ්‍ය  පහසුකම් සලසා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ලංකාදිපයට පැවසීය.

ප‍්‍රදේශීය ලේකම් කාර්යල සහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල පවතින මුදල් කවුළු වෙත එම මුදල් ගෙවා රිසිට් පත් ලබා ගත හැකි බවද ඔහු සදහන් කරයි.

මෙයට අමතරව තැපැල් වර්ජනය හේතුවෙන් විභාග සඳහා අවශය ප‍්‍රවේශ පත‍්‍ර නොලැබුණු අපේක්ෂකයන් සදහා විභාග දෙපාර්තමේන්තුව මගින් අදාළ තොරතුරු ඇතුළත් කෙටි පණිවුඩ යොමු කර ඇති බවත් ඒ මහතා සදහන් කළේය.

අදාළ කෙටි පණිවිඩය විභාග පරීක්ෂකවරුන්ට පෙන්වා එම විභාගයන් සදහා පෙනී සිටීමේ අවස්ථාව අපේක්ෂකයන්ට උදා කර ඇති බවද සනත් පූජිත මහතා වැඩිදුරටත් පැවසීය.