රංජන් කස්තුරි
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් සේවක වැඩවර්ජනයක් සිදුවුවහොත් ඊට එරෙහි විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නා අතර ඒ සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ලංකාදීපයට පැවසීය.
තැපැල් සේවක ගැටළුවක් මතු වුවහොත් වෙනත් රාජ්‍ය ආයතනයක් හෝ රාජ්‍ය නිලධාරීන් යොදවා අවශ්‍ය කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග එම ගැසට් නිවේදනයේ ඇතුළත් කෙරෙන බව දේශප්‍රිය මහතා කීවේය.

