තැපැල් වර්ජනය මැදියම් රැයෙන් අවසන්


(ආරියරත්න රණබාහු සහ ජයන්ත සමරකෝන්)

තැපැල් සේවක වර්ජනය අද  (26) මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් කෙරේ.

දින 16ක් පුරා පැවති වැඩවර්ජනයට විසඳුම් ලැබීම නිසා එසේ අවසන් කරන බව තැපැල් වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණේ සම කැඳවුම්කරු පී. ආර් වර්ණකුලසුරිය මහතා පැවසීය.