තැපැල් වර්ජනය දිගටම කාතා බිඳ වැටේ
අක‍්‍රමිකතා චෝදනා ඇතැයි කියන තැපැල්පති එම්.කේ.බී. දිසානායක මහතා ඉවත් කරන ලෙස ඉල්ලමින් තැපැල් වෘත්තිය සමිති එකමුතුව තැපැල් ඇමැති ජීවන් කුමාරතුංග මහතා සමග අද පැවැති සාකච්ඡා අසාර්ථක විය. ඒ අනුව උපවාසය හා වර්ජනය දිගටම පැවැත්වේ. තැපැල්පතිට එරෙහිව විනයානුකූල පරීක්ෂණයක් පැවැත්වෙන බව ඇමැති කීවත් එය කල් මැරීමේ පිළිවෙතකියි සමිති එකමුතුව දැඩි ස්ථාවරයක සිටියේය. ඇමැති හා සමිති හෙට යළිත් හමුවීමට නියමිතය.

