තැපැල් වර්ජනය ආර්ථිකයට හොඳයි


 

 

විනීතා එම් ගමගේ

තැපැල් සේවකයන් ගෙන යන වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ දෛනික පාඩුව අවම වන බව එම දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

එම දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම රුපියල් මිලියන 6578 ක් වන බව එහි වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව දිනක එම දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 18.02  කි.

එහි වාර්ෂික වියදම රුපියල් මිලියන 12,284 ක් වන අතර එය දිනක වියදම ලෙස බැලූව හොත් දිනකට රුපියල් මිලියන 33.65 ක් වේ.

මේ අනුව තැපැල් සේවකයින් වර්ජනයේ යෙදුණු දින අටක කාලය තුළ දෙපාර්තමේන්තුවට අහිමි වී ගිය ආදායම රුපියල් මිලියන 144.16 ක් වන නමුත් එකී දින අටට දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 269.2 ක් ඉතිරි වී තිබේ.

එබැවින් වර්ජනය පැවැති ඉකුත් දින අටට දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 125.04 ක් ඉතිරි වී ඇති  බව පෙනී යයි.

තැපැල් දෙපාර්තමේන්තුව 2016 වසරේ රුපියල් මිලියන 5706 ක පාඩුවක් ලබා ඇති අතර එම පාඩුව 2015 වසරේ රුපියල් 5045 ක් ද, 2014 වසරේ 2984 ක් ද වී ඇති බව එම දෙපාර්තමේන්තුවේ 2016 වාර්ෂික කාර්යසාධන වාර්තාව පෙන්වා දෙයි.

 

 

2012 වර්ෂය

(රු.මිලියන)

2013 වර්ෂය

(රු.මිලියන)

2014 වර්ෂය

(රු.මිලියන)

2015 වර්ෂය

(රු.මිලියන)

2016 වර්ෂය

(රු.මිලියන)

ආදායම 4952 5907 6557 6711 6578
වියදම 8258 8766 9541 11756 12284
ඌණතාවය (3305) (2859) (2984) (5045) (5706)