තැපැල් දුම්රිය හිටිහැටියේ අවලංගු කරයි


 

(යොහාන් භාසුර)

දුම්රිය දෙපර්තමේන්තුව තැපැල් දුම්රිය සහ දුරගමන් දුම්රිය කීපයක් නැවතත් හිටිහැටියේ අවලංගු කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය.

කොළඹ කොටුව/බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය, කොළඹ කොටුව - මඩකළපුව, කොළඹ කොටුව - ත්‍රීකුණාමලය තැපැල් දුම්රිය මෙසේ අවංගු කර ඇතැයි කී කසුන් චාමර තවත් දුම්රිය කීපයක් ධාවනය කරන තෙක් අවිනිශ්චිත බව ද සඳහන් කළේය.