තැපැල් දුම්රිය දෙකක් සමග දුම්රිය 5 ක් අවලංගුයි


(යොහාන් භාසුර)

පස්කඳු කඩා වැටීම සහ නායයෑම හේතුවෙන් දුම්රිය මාර්ගයට හානිවීමෙන්

අද (22) ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ කොටුව සිට බදුල්ල සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය දෙක ඇතුළු ගමන් වාර 5 ක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව කොළඹ කොටුව සිට මහනුවර දක්වා පස්වරු  3.35 ට, කොළඹ කොටුව සිට බදුල්ල දක්වා (රාත්‍රී තැපැල් දුම්රිය)  රාත්‍රී 8.30 ට, මහනුවර සිට කොළඹ කොටුව දක්වා පස්වරු 3.00 ට, මහනුවර සිට කොළඹ කොටුව දක්වා පස්වරු 3.25 ට සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ( රාත්‍රි තැපැල් ) පස්වරු 6.00 ධාවනය වීමට නියමිත දුම්රිය මෙසේ අවලංගු කර තිබේ.