ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ ඉඳිපලේගම විද්‍යාලයේ ගුරුවරුන්ට තැපැල් ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව අහිමිවූ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයිද ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
අදාළ ලේඛන බාරදීමේදී සිදුවූ ප්‍රමාදයක් හේතුවෙන් මෙසේ ගුරුවරුන් 32 කට තැපැල් ඡන්දය අහිමිවී ඇතැයි කියති.

