මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තවත් දිනයක් ලබාදීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර ඇතැයි එම කාර්යාල ආරංචි කියයි.
ඒ අනුව මෙතෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවූ තැපැල් ඡන්ද දායකයින් සඳහා ලබන 11 වැනිදා ඡන්දය ප්‍රකාශ කළ හැකි බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා ප්‍රකාශ කළේය.
පසුගිය 3 වැනිදා අධ්‍යාපන හා පොලිස් සේවයේ නිරත රාජ්‍ය සේවකයන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී තිබූ අතර සෙසු රාජ්‍ය සේවකයන්ට 5, 6 දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ලැබුණි.
මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් මෙතෙක් ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ අඩු ප්‍රතිශතයක් බැවින් මෙසේ අතිරේක දිනයක් ලබාදීමට තීරණය කළ බව අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.

