රංජන් කස්තුරි
තැපැල් ඡන්දය සළකුණු කිරීමේ පළමු අදියර හෙට (22) ක්‍රියාත්මක වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව හෙට මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පොලිස් ස්ථානවල තැපැල් ඡන්දය සළකුණු කෙරෙන බව ද එම කොමිෂන් සභාව පවසයි.
සෙසු රජයේ කාර්යාල, අධ්‍යාපන කාර්යාල, පාසල්, ලංගම ඩිපෝ, ආරක්ෂක හමුදා කඳවුරු හා වෙනත් ආයතනවල තැපැල් ඡන්දය සළකුණු කිරීම මේ මස 25 සහ 26 දිනවල සිදු කිරීමට නියමිතය.

