තැපැල් ඡන්දය ප්‍රකාශ නොකළ අයගෙන් නිදහසට කරුණු විමසයි


රංජන් කස්තුරි 

තැපැල් ඡන්දය ඉල්ලුම් කර ඡන්දය ප්‍රකාශ නොකළ රාජ්‍ය නිලධාරීන්ගෙන් නිදහසට කරුණ විමසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
 
තැපැල් ඡන්දය ඉල්ලීම නිසා එවැනි ඡන්දදායකයකු වෙනුවෙන් රුපියල් 750 ක පමණ වියදමක් දැරීමට සිඳුවන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ අද (1) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
 
තැපැල් ඡන්ද ප්‍රකාශ නොකළ ඡන්දදායකයින්ට ඊට හේතු දක්වා ලිඛිතව මැතිවරණ කොමිෂමට කරුණු ඉදිරිපත් කිරීමට සිඳුවන බවද පිළිගත හැකි හේතුවක් නොමැතිව තැපැල් ඡන්දය ප්‍රකාශ නොකළ පිරිසකට එරෙහිව පියවර ගන්නා බවද ඔහු කීය.