(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණයේදී තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම් කරන්නන්ට මේ මස 30 වැනිදින මධ්‍යහන 12 දක්වා අයදුම්පත් භාරගන්නා බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.
තැපෑලෙන් ඡන්ද අයදුම්පත්භාර ගන්නා අවසාන දිනය කිසිඳු හේතුවක් නිසාවෙන් දීර්ඝ නොකරන බවද මැතිවරණ කොමිසන් සභාව පවසයි.
තැපැල් ඡන්ද අයදුම්කරුවන් නියමිත පරිදි සම්පූර්ණකර අදාළ සහතික කිරීමේ නිලධාරියා වෙත බාරදෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවද මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

