තැන්පතු ඉල්ලා ගනුදෙනු කරුවෝ උද්ඝෝෂණය කරති


(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව,වීරපුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක තැන්පත් කර ඇති තම මුදල් ආපසු ස ඉල්ලා බැංකුවේ ගණුදෙනුකරුවෝ අද පෙරවරුවේ එම බැංකුව ඉදිරිපිටදී උද්ඝෝෂණයෙක නිරතවූහ.

තමන් බැංකුවේ තැන්පත් කර ඇති රුපියල් කෝටි 05කට ආසන්න තම තැනපතු මුදල් ආපසු ගෙවීමට බැංකුව අපොහොසත්ව ඇති බවද ගණුදෙනුකරුවෝ කියා සිටිති.

එම නිසා මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වා තමන්ට සාධාරණයක් ඉෂ්ඨකර දෙන ලෙස ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින බවද ඔවුහු කියා සිටියහ.

පොලොන්නරුව,තමන්කඩු දෙපලාතේ අධිකරණ සංඝනායක,පොලොන්නරුව පුලස්තිගම ශ‍්‍රී ශාඛ්‍යබිම්බාරාමය,වීරපුර ශ‍්‍රී නීග්‍රෝධාරාමය යන විහාරයන්හි උභය විහාරාධිපති යටිහලගල උපතිස්ස නාහිමිිපාණන් වහන්සේද මේ අවස්ථාවට වැඩමකර සිටි අතර මේ ගැටලූවට මුහුණපා සිටින පිරිස තම විහාරස්ථානවල දායක පිරිස් බවද උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.