සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් මුල්‍ය සමාගමේ තැන්පතුකරුවෝ පිරිසක් කොළඹ 07,ධර්මපාල මාවතේ පිහිටි එම මුල්‍ය සමාගමෙහි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී අද උද්ඝෝෂණය කළහ.
සී අයි එෆ්එල් තැන්පතුකරුවන්ගේ සංගමය මෙය සංවිධානය කළේය.
විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් මුල්‍ය සමාගම් පරිශ්‍රයෙහි රැස්ව සිටි අතර අද සිට අඛණ්ඩ උපවාසයක් දක්වා මෙය ක්‍රියාත්මක කරන බවත් පසුව මාරාන්තික උපවාසයක් කිරීමට බලාපොත්තු වන බවත් තැන්පත්කරුවන් පැවසුහ.
දුක් මහන්සියෙන් උපයාගත් ධනය නීත්‍යනුකූල මුල්‍ය ආයතනයක ආයෝජනය කිරීමේ වරදට තමන් දැන් දඬුවම් විදින බව ඔවුහු පැවසුහ.