තැන්නේ ඥානානන්ද හිමි ඇතුළු හතරක් රිමාන්ඩ්


(සිරාජ් හසීම්)
නැගෙනහිර පළාත් සභාව ඉදිරිපිට සිදුකල විරෝධතාවක් අතරවාරයේ අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයක් කඩ කිරීමේ සිද්ධියකට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිදාරී සංගමයේ ජාතික කැදවුම්කරු තැන්නේ ඤානන්ද හිමියන් ඇතුළු සිව් දෙනෙකු  ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට ත්‍රීකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් සුබාෂිනී චිත්‍රවේල් මහත්මිය අද(23)  නියෝග කළාය.
තැන්නේ ඥානානන්ද හිමියන්, ත්‍රීකුණාමලය රැකියා විරහිත උපාධිදාරී සංගමයේ ලේකම් ආර්.ප්‍රකාලතන්, ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් රැකියා විරහිත උපාධිදාරී සංගමයේ සභාපති එස්.සිවකුමාර් සහ මඩකලපුව දිස්ත්‍රීක් රැකියා විරහිත උපාධිදාරී සංගමයේ සභාපති ටී.ක්‍රිෂ්ණන් යන සිව් දෙනා එසේ රිමාන්ඩ් කෙරිණි.
සිය රැකියා ප්‍රශ්නයට විසදුම් දෙන්නැයි බලකරමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිදාරී සංගමයේ ජාතික කැඳවුම්කරු තැන්නේ ඤානන්ද හිමියන් ඇතුළු සිව් නැගෙනහිර පළාත් රැකියා විරහිත උපාධිදාරීහු නැගෙනහිර පළාත් සභාව වටකරමින් ඉකුත් 25 වැනිදා විරෝධතාවක නිරත වූහ.
මෙහිදී ත්‍රීකුණාමලය මූලස්ථාන පොලිසිය කරන ලද ඉල්ලීමක් මත අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන අතර මෙම නියෝගය මොවුන් විසින් ප්‍රසිද්ධියේ ඉරා දැමූවේ යැයි මොවුන්ව අත්අඩංගුවට ගනු ලැබ සිටියහ.