තැන් දෙකක දරුවන් දෙදෙනෙක් ගිලි මරුට


(ගයාන් සූරිය ආරච්චි සහ ප්‍රදීප් කුමාර)

කඳාන උතුරු බටගොඩ ප්‍රදේශයේ පිහිනුම් තටාකයක සහ කිලිනොච්චිය ඉරණ මඩු වැවේ  දිය නාමින් සිටි දරුවන් දෙදෙනකු දියේ ගිලි මියලොස් ඇතැයි පොලිසිය පවසයි.

කඳාන පිහිනුම් තටාකයේ ගිලි මියගොස්  ඇත්තේ අවුරුදු පහක දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි දරුවකු බව පොලිසිය කියයි.

මියගිය දරුවා තවත් දරුවන් කීපදෙනෙකු සමග පිහිනුම් තටාකයේ දිය නාමින් සිට ඇති අතර එහිදී දරුවා දියේ ගිලි ඇති බව පොලිසිය කියයි.

දියේ ගිලුණු දරුවා පියා විසින් දරුවා ජාඇල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් පසු මියගොස් ඇති බව පොලිසිය කියයි.

කිලිනොච්චිය ඉරණමඩු වැවේ යාළුවන් පිරිසක් සමග දිය නෑමට ගිය පාසල් සිසුවකු දියෙ ගිලි අතුරුදන්ව ඇති අතර පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව දරුවා සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇත