
(ප්‍රසාද් රුක්මල්)
දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම් හල් අසල අද දින දිගු පොලිම් දක්නට ඇත.
හෙට පැවැත්වීමට නියමිත විදුලි වර්ජනය හේතුවෙන් විදුලිය ඇන හිටියහොත් ඊට මුහුණ දීම සඳහා මෙම පිරිස බූමිතෙල් මිලදී ගැනීමට පැමැණ ඇත.
ඔරුගොඩවත්ත ඉන්ධන පිරවුම්හල අසල ද බූමිතෙල් මිලදි ගැනීම සඳහා දිගු පොලිම් දක්නට ලැබුණු අතර බදුල්ල සමූපකාර ඉන්ධන පිරවුම් හලෙන් බූමිතෙල් මිළදී ගැනීමට ජනතාව අද (2) උදේ සිට පෝලිමේ රැදී සිටියහ.
දිවයිනේ ඇතැමි ඉන්ධන පිරවුම්හල් වල බූමිතෙල් මිලට ගැනීමට නොමැති බව ද පාරිභෝගිකයෝ පවසයි.

(ශාන්ත රත්නායක)



